පරණ ආණ්ඩු වගේ අපි අපරාධකාරයෝ රකින්නේ නෑ…අමරකීර්ති ඝාතකයන් එල්ලුම්ගස් යෑම ගැන සතුටුයි…! – ඇමති සමන්ත විද්‍යාරත්න..

February 13, 2026 at 10:48 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය කළ පිරිසට මරණ දඬුවම හිමි වීම තුළින් වර්තමාන ආණ්ඩුව පසුගිය ආණ්ඩු මෙන් අපරාධකරුවන් ආරක්ෂා නොකරන බව තහවුරු වී ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“පසුගිය කාලයේ සමහර ආණ්ඩු අපරාධකරුවන් ආරක්ෂා කළා. නමුත් දැන් එවැනි තත්ත්වයක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු වී තිබෙනවා. මේ රටේ ජනතාව සතුටු වෙන්න ඕන. අධිකරණය තමන්ගේ කාර්ය කරලා තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා.

කෙසේ වෙතත් තව එකක් කියන්න කැමතියි. ජීවිතාන්තය දක්වා හිරේ යන්න ඕන තව ගොඩක් අය එළියේ ඉන්නවා. ඒවත් අපි නෙමෙයි තීන්දු කරන්නේ අධිකරණය. ඒ නඩුත් වැටෙන බව නම් මතක් කරන්න අපි කැමතියි. මේක රිවර්ස් කරන ආණ්ඩුවක් නෙමෙයි, 2026 කියන්නේ 2025 වසරේ අපි තියපු රෙකෝඩ් අපිම කඩන වසර.”

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඇමති සමන්ත විද්‍යරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *