පන්සල හදන්න පූජා කළ කෝටි 08ක් අතුරුදන්..! කුණුහරුප සාධුට එරෙහිව CID පරීක්ෂණ…! සුද්දෙට යූටියුබ් නළුවෙකුත් ගෑවෙයි..!

May 30, 2023 at 12:56 pm | by emanisa.lk

එංගලන්තයේ දානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථානගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන හිමියන් මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් විහාරස්ථානය ඉදිකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.

සැකකාර හිමිනමට ඇප ලබාදුනහොත් විශාල මහජන කැලඹීමක් සිදුවිය හැකි බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, විමර්ශන මූලික අවස්ථාවේ ඇති බැවින් සැකකාර හිමියන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩමහවත්ත – “මේ රටේ විවිධ සංස්කෘතින් තිබෙනවා. එම සමාජවලට ආවේණික වූ භාෂා ශෛලීන් ද තිබෙනවා. විවිධ පුද්ගලයන් සමාජ මට්ටම, අධ්‍යාපනය මත කතා කිරීම බලපානවා.

මෙම සිද්ධිය හේතුවෙන් සමාජ කැලඹීමක් සිදුවීමට කිසිදු හැකියාවක් නැහැ. මෙම ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ආකාරයට කරුණු දක්වා තිබෙනවා. මෙම හිමියන් අසැබි වදනින් කරුණු දැක්වූවත් බෞද්ධාගම ආරක්ෂා කරගත යුතු බව සෑම විටම සඳහන් කර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරයා- ශාසනයේ සිටින අයෙක් අසැබි වචන භාවිත කිරීමෙන් ශාසනය රැකෙනවාද?

සැකකාර හිමිනමගේ නීතිඥවරයා- උන්වහන්සේට එරෙහිව විනය පියවර ගත යුතුයි. නමුත් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) සැකකාර හිමිනමට චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ගොනු කර නැහැ.

මහෙස්ත්‍රාත්වරයා- සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳ අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්- සැකකාර හිමිනම මෙවැනිම ප්‍රකාශයක් 2022 වසරේ දී සිදුකර විශාල මහජන කැලඹීමක් සිදු වී තිබෙනවා. ඊට අදාළව නඩුවේ දී එලෙස නොකරන ලෙස සැකකාර හිමියන්ට අධිකරණය විසින් අවවාද කර තිබෙනවා. සැකකාර හිමියන් මෙහෙයවන විශාල පිරිසක් සිටින හෙයින් රටේ විශාල කැලඹීමක් මේ වනවිටත් ඇතිව තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරයා- එක් ආගමකට එරෙහිව ප්‍රකාශයක් කරාම ඊට අනෙක් පාර්ශ්වය ප්‍රකාශයක් සිදු කරනවා. සැකකාර හිමියන් බෞද්ධයෙක් ලෙස මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.

– Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *