පද්මේ ගේන්න මැලේසියා ගිය CID නිලධාරීන් හිස් අතින් දිවයිනට…!

July 13, 2025 at 1:41 pm | by emanisa.lk

පසුගියදා මැලේසියාවේ දී අත් අඩංගුවට ගත් බව ප්‍රකාශ කළ කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සාලින්ද රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් දෙකක් මැලේසියාවට සහ තායිලන්තයට ගොස් තිබේ.

කෙසේ වුව ද එම අපරාධකරුවන් පොලිසියෙන් මිදී පළා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව අදාළ නිලධාරීන් පිරිස හිස් අතින් හෙට නැවත දිවයිනට පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ සාකච්ඡාවකට එකතු වෙමින් හෝටලයක අසුන් ගෙන සිගරට්ටුවක් උරමින් කමාන්ඩෝ සාලින්ද සඳහන් කළේ තමන් සහ පද්මේ අත් අඩංගුවට ගත් පුවත සිය විරුද්ධවාදීන් විසින් ගොතන ලද බොරුවක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *