මේ වන විට පදවිය රෝහලේ වෛද්‍ය උපකරණ තඹුත්තේගම රෝහලට ගලවා ගෙන එමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
පදවිය යනු තඹුත්තේගමට කිලෝ මීටර් 150ක් පමණ දුරින් පිහිටි දුප්පත් ජනතාව ජීවත් වන දුෂ්කර ප්‍රදේශයක් බව ද ඔහු පෙන්වා දෙයි.
තඹුත්තේගම රෝහලට උපරකරණ අවශ්‍ය නම් ඒවා අලුතින් මිල දී ගනු මිස පදවිය රෝහලේ උපකරණ ගලවා ගෙන යෑම අනුමත කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
අද (18) පාර්ලිමේන්තුව අමතමින් චාමර සම්පත් දසනායක සඳහන් කරයි.