පණුවන් ගැසූ පරිප්පු සමග ජවිපෙ සමූපකාරය වටලයි… කළමනාකාරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට…!

July 12, 2024 at 12:43 pm | by emanisa.lk

පොල්පිතිගම සමූපකාර තොග ගබඩාවේ මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් නැවත සකසා අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගුල්ලන් සහ පණුවන් ගැසූ පරිප්පු කිලෝ 600කට අධික ප්‍රමාණයක් සෝදා වියළමින් තිබිය දී එහි තොග ගබඩාකරු සහ කළමනාකරු පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරික්ෂකරවරු විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සමූපකාරය ජනතා විමුක්ති පෙරමුණේ පාලනය යටතේ පවතින බව ද හෙළි වී තිබේ.

අදාළ පරිප්පු තොගය මිනිස් පරිභෝජනයට නුසුදුස බව එම නිලධාරීන් පිළිගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එම පරිප්පු නැවත යැවීම සඳහා පිරිසිදු කළ බවයි. කෙසේ වුව ද සෞඛ්‍ය අංශ එය පිළිගෙන නොමැති අතර සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *