රාජ්‍ය ආදායම් ඉහළ නොයන අතර රාජ්‍ය වියදම් ඉහළ යෑම පාලනය කළ යුතු බව දන්වමින් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එමගින් අවධාරණය කර ඇත්තේ රාජ්‍ය සේවක මාසික අතීකාල එකතුව මාසික වැටුප නොඉක්මවිය යුතු බවයි.
එසේම අතීකාල, නිවාඩු දින වැටුප්, ප්‍රවාහන වියදම් සහ වෙනත් වියදම් සඳහා වෙන්කර ඇති මුදල් වැඩි නොකරන බව ද සඳහන් කරයි.
විදුලිය, ජලය, දුරකතන සේවා, ඉන්ධන සහ ගිවිසුම්ගත සේවා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ලිපි ද්‍රව්‍ය නියම අවශ්‍යතාව සඳහා පමණක් ඇනවුම් කරන ලෙස ද එමගින් දැනුම් දී ඇත.