පටු අරමුණු උදෙසා ජාතිකත්ව කඳවුර අතහැරිය යුතු නෑ…! – නාමල් රාජපක්ෂ….

June 25, 2024 at 10:00 am | by emanisa.lk

තිස් වසරක ත්‍රස්තවාදය වසර තුනකින් අවසන් කොට තමන් ජාතිකත්ව කඳවුරට නායකත්වය ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ, කෙටි කාලීන අරමුණක් උදෙසා එම ජාතිකත්ව කඳවුර අතහැර නොඑසේ නම් එම කඳවුර ආරක්ෂා කරනවාද යන්න තීරණය කළ යුතුව ඇති බවයි.

එම ජාතිකත්ව කඳවුර රැකගත හැක්කේ පක්ෂයක් ලෙස එකට සිටගතහොත් පමණක් බවත් එම කඳවුරට නොයෙක් නායකයන් බිහිවීමට උත්සාහ කරන්නේ අප අතර ඇති වූ බෙදීම් නිසා බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) විජේරාම නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *