දැනට ලැබී ඇති විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට ඉදිරි නොවැම්බර් මාසය සඳහා ටෝකන් ලබා දී අවසන් බව ඇමැති විජිත හේරත් පවසයි.
එහෙයින් හදිසි අවශ්‍යතාවකට හැර නොවැම්බර් මාසය තුළ විදේශ ගමන් බලපත්‍ර ගැනීමට පැමිණීමෙන් වළකින ලෙස ඇමැතිවරයා ජනතාවට දැනුම් දෙයි.
හදිසි අවශ්‍යතා සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා විශේෂ කවුළුවක් විවෘතව ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔන්ලයින් ටෝකන් ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ඇමැති විජිත හේරත් වැඩි දුරටත් කීය.
වත්තල පැවැති උත්සවයකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.