නොරෙච්ලෝ බිඳ වැටීමක්..! විදුලි කප්පාදුව ගැන පරස්පර අදහස්…!

September 27, 2022 at 10:32 am | by emanisa.lk

කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රිය වී තිබේ.

මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

ඒ අනුව විදුලි කප්පාදුව වැඩි කිරීමට අදාළ නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතව ඇති බවයි, මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ එම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට දින තුනක් පමණ ගත වන අතර එම කාලය තුළ ඩීසල් බලාගාර මගින් විදුලිය ලබා ගන්නා බවයි. විදුලි කප්පාදුව දිගු කරන බවක් ඔහු සඳහන් කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *