ඉතිහාසයේ ගල් අඟුරුවල ප්‍රමිතිය බාල වීම පිළිබඳ කිසිදු අවස්ථාවක ගැටලුවක් මතු නොවුයේ ගල් අඟුරු හොඳ නිසා නොව ඒවා පරික්ෂා නොකළ නිසා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
“ගල් අඟුරු ගෙන ඒම නිසා මෙවැනි සිදුවීම් අතීතයේ සිදුවෙලා ඇති. හැබැයි ඒ කිසිවක් කිසිදු පරික්ෂාවකට ලක්වෙලා නෑ. මේක තමයි පළවෙනි අවස්ථාව ලෝඩ්පෝර්ට් රිපෝට් එකකයි ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් එකකයි පරස්පරයක් ආවොත් මොකද කරන්නේ කියලා සාකච්ඡාවක්වත් එන්නේ.
නොරෙච්චෝලේ පටන් ගත් දා ඉඳලා ගල් අඟුරු ආවා. කොහේ හරි වරායකින් පටවලා තියෙනවා. ලංකාවට බාල තියෙනවා. මෙහෙම දේවල් වෙලා තියෙනවා. නමුත් කවදාවත් ඒවා වාර්තා වෙන්න රිපෝට්ස් අරන් නෑ.
පලවෙනි වතාවට නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නිසි ක්‍රමවේදය අනුගමනය කළාම දැන් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒවා විසඳගෙන අපි ඉදිරියට යමු. දැන් කෑ ගහන අයගේ කාලේ ගල් අඟුරු ගෙනාවා. ගල් අඟුරු හොඳ නිසා නෙමෙයි, පරික්ෂා නොකළ නිසා ගැටලුවක් වුණේ නෑ.”
ඇමති නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේ කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමිනි.