නේපාලයත් ලංකාව ගිය මාවතේ…. රැප් ගායකයෙක් අගමැති ධුරයට…!

March 29, 2026 at 9:35 am | by emanisa.lk

රැප් ගායකයෙකුව සිට පසුව දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා ඊයේ (27) නේපාලයේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

ඉකුත් වසරේ තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් රජය පෙරලා දැමීමෙන් පසු නේපාලයේ පැවති පළමු මැතිවරණයෙන් ඔහු අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

35 හැවිරිදි වියේ පසුවන බාලේන්ද්‍ර ෂා කලක් කත්මණ්ඩු අගනුවර හිටපු නගරාධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු දශක කිහිපයකට පසු නේපාලයේ පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *