නෙළුම් කුලුන බලන්න ජන ගඟක්…! පළමු දිනයේ ම ආදායම් වාර්තාවක්…!

September 16, 2022 at 8:49 am | by emanisa.lk

නෙළුම් කුලුන මහ ජනතාවට ඊයේ විවෘත විය.

ජනතාව එයට පිවිසීම සඳහා රුපියල් 500 සහ 2000 ප්‍රවේශපත් නිකුත් කෙරිණි.

ඊයේ දින එහි ආදායම රුපියල් ලක්ෂ දහය ඉක්මවා ඇතැයි වාර්තා වෙයි.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුලුන සම්පූර්ණ කිරීමට වසර 07ක් ගත විය.

ඒ සඳහා ඩොලර් මිලියන 113ක් වැය වූ අතර තවත් ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 14ක ණය මුදලක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *