මෙරට සංස්කෘතික යථාර්ථය තේරුම් ගනිමින් ඒ අනුව කටයුතු කර මහනුවර දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටු වන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
“දළදා ප්‍රදර්ශනය පැවැත්විම ගැන මට සතුටුයි.මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම. වරක් වැන්දොත් නිවන් දකින්නට පුළුවන් කියලා අපි විශ්වාස කරන කැලණිය රජමහා විහාරයේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා, එතනත් නාග ධාතු ප්‍රදර්ශනයක් තියනවා නම් අපට ශ්‍රද්ධාව ඇති වෙනවා. කැලණියේ නයා කියලා ගැහුවේ මට නෙමෙයි, මේ රටේ සංස්කෘතියට.”
නිරාගමික රාජ්‍යයක් ගැන කතා කළ ජාතික ජන බලවේග නායකයන් දළදාව වැඳීමත් මහ නායක හිමිවරු මුණ ගැසීමත් පිළිබඳව තමන් ඉතාම සතුටට පත්වන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.