නුවර එළිය අයිස් නිෂ්පාදනාගාරය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
මිද්දෙණිය කඳාන නිවාස සොයා ගත හැකි වුව ද නුවරඑළිය අයිස් නිෂ්පාදනාගාරය පිළිබඳ තොරතුරු මෙතෙක් සොයාගත නොහැකි වූ බව ද ඔහු සඳහන්කරයි.
ඒ පිළිබඳ විමර්ශන තව දුරටත් සිදුවන බවත් ඒවා අවසන් වන තුරු මාධ්‍යයට තොරතුරු ලබා දිය නොහැකි බවත් සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කරයි.
කෙසේ වුව ද මෙයට මාසයකට පමණ පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අනාවරණය කර තිබුණේ නුවර එළියේ කුළී නිවසක අයිස් නිෂ්ෂාදනාගාරයක් පවත්වා ගෙන ගොස් ඇති අතර කෙහෙල්බද්දර පද්මේ ඒ සඳහා රු. මිලියන 04ක් පමණ වැයකර ඇති බවයි.
එම විමර්ශනවල දී එහි පාකිස්තානුවන් දෙදෙනෙකු අයිස් නිෂ්පාදනයෙහි නිරතව ඇති බවද ඒ සඳහා රසායන ද්‍රව්‍ය කිලෝ 2000ක් පමණ ආනයනය කර ඇති බව ද ප්‍රකාශ විය.