නුවරඑළිය තැපැල්හල සංචාරක මධ්‍යස්ථානයක් කරනවා… හැබැයි කලින් ආණ්ඩුව විදිහට නෙමෙයි…! – ඇමති නලින්ද ජයතිස්ස….

March 26, 2025 at 11:22 am | by emanisa.lk

නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවේන් ඉවත් කර විකිණීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කෙසේ වුව ද ආණ්ඩුව එය තව දුරටත් තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තබාගත යුතු යැයි තීන්දු කර ඇති බව ද ඔහු අවධාරණය කරයි.

මෙම ස්ථානය තව දුරටත් තැපැල් කටයුතුවලට සීමා නොකර සංචාරක ආකර්ශන ස්ථානයක් ලෙස ද ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ඇති බව ද ඇමති ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඒ සඳහා සුදුසු තවත් තැපැල් කාර්යාල කිහිපයක් ද සම්බන්ධ කර ගන්නා බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *