නුගේගොඩින් මතු වුණේ කසිප්පු බත් පැකට් දේශපාලනේ.. ඒ නාටක දකිද්දි ජනතාව මාලිමාව බදා ගන්නවා…!

November 22, 2025 at 6:05 pm | by emanisa.lk

කසිප්පු පැකට් එකට, බත් පාර්සලේට, රුපියල් 5000කට සිදුකරන දේශපාලනය නැවත වතාවක් නුගේගොඩ රැලියෙන් මතුවී ආ බවට අමාත්‍ය සුසිල් රණසිංහ චෝදනා කරයි.

මේ ආකාරයේ කෝලම් දුටු විට ප්‍රගතිශීලී ජනතාව තව තවත් ජාතික ජන බලවේග ආණ්ඩුව බදා වැළඳගනිමින් සිටින බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ඒ හැර ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ගැලවී එම කඳවුරට යනු ඇතැයි කිසිසේත්ම විශ්වාස නොකරන බව ද හෙතෙම තව දුරටත් කියා සිටියි.

වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමති සුසිල් රණසිංහ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *