නුගේගොඩට එකතු වෙන්නේ දංගෙඩියෙන් ගැලවීමේ පෙරමුණ… අපි නම් චුට්ටක්වත් බය නෑ…! – නි. ඇමති සුනිල් වටගල….

October 29, 2025 at 1:39 pm | by emanisa.lk

විපක්ෂයේ එදා වේල ටුවර්ස් වැඩවලට ආණ්ඩුව බය නොවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසයි.

“මට කියන්න අධි චෝදනාවක් නැති, හයිකොට් එකේ නඩුවක් නැති කෙනෙක් එතන ඉන්නවද. ඒ එකතු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද දංගෙඩියට යාමෙන් මුදවා ගැනීමේ පෙරමුණ. දයාසිරි ජයසේකර කිව්වා කෙළින්ම සිරිකොතේ රැස්වීමක් කැඳවල අපි දැන් අඩුම තරමින් එකතු වෙන්න ඕනා ඒගොල්ලෝ දංගෙඩියට දැක්කා ගෙන යාමේ වැඩෙන් මුදාගන්න කියල.

ඒ නිසා ඇටෝර්නි බලපත්‍රයේ ඉඳලා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බඩඉරිඟුවේ ඉඳලා, බෙදා දෙන්න තිබුණ සහනාධාර ටික ගසා කාපු මිනිස්සු නුගේගොඩ රැස්වීමක් කරන්න යනවා. ඒ නිසා අපි බය වෙන්නේ නැහැ. යෝධ පවුරක් ජාතික ජන බලවේගය කියල කියන්නේ. අද වෙනකොට එකම දුෂිත ක්‍රියාවක් අපිට එරෙහිව කියා ගන්න බැරිවෙලා තියෙනවා.

ඒගොල්ලෝ නන්දොඩවමින් ඉන්නේ. අපි බය වෙන්නේ නෑ. ඔය කට්ටිය එකතු වුණේ කොළඹ නගර සභා මැතිවරණයේදීනෙ. ඒත් පරදයිනේ. ඊට පස්සේ සිරිකොතට කැදෙව්වා. කෝ ඉස්සුනාද වැඩේ. සමඟි ජන බලවේගය ඇවිල්ලත් නෑ. ඕවා ඉස්සෙන්නේ නෑ. එදා වෙලා ටුවර්ස්. පැය 24යි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *