නීරෝගී අනාගත පරපුරක් උදෙසා ආණ්ඩුව තීන්දුවක් ගනී…!

December 19, 2024 at 6:21 pm | by emanisa.lk

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ.

ඒ අනුව මේ වන විට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *