රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇපමත මුදාහැර තිබේ.
2023 වසරේ වැලිගම පැලෑන ප්රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඒ මහතා අත්අඩංගුවට පත්විය.
කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර පසුව මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්රාත් අධිකරණයට භාරවිය.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත් කළ ද ඇප නොලැබුණු දේශබන්දු තෙන්නකෝන්ට නීතිපති විරෝධය මැද අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඇප හිමි විය.