නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට එරෙහිව GMOA දැඩි තීන්දුවක…!

August 25, 2023 at 10:48 am | by emanisa.lk

වෛද්‍ය ජී. විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත අතර එහිදී වෛද්‍ය ජී. විජේසුරියට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *