නි. ඇමති වටගලගේ බූරු ඩ්‍රයිවර් රැකියාව අතහැර යයි…!

March 15, 2025 at 10:53 am | by emanisa.lk

මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පසුගියදා රටට ම පෙනෙන සේ බූරුවා යැයි ඇමතූ රියදුරා ඉල්ලා අස්ව ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

අදාළ රියදුරා දින කිහිපයකට පෙර වාහනය ද අමාත්‍යංශයට භාර දී සේවයෙන් ඉවත්ව ගොස් තිබේ.

ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළ ඝාතනය වූ අවස්ථාවේ එහි පැමිණි නි. ඇමතිවරයා මාධ්‍ය ප්‍රශ්න කිරීමේ හමුවේ නිරුත්තරව සිය වාහනය සොයන අතර මෙය සිදුවිය.

ඔහු සිය රැකියා පරිසරයට සහ පවුලට මුහුණ දීමට නොහැකිව මෙලෙස ඉල්ලා අස්ව ඇති අතර නි. ඇමතිවරයා අදාළ සිදුවීම පිළිබඳ කිසිදු අවස්ථාවක සමාව ඉල්ලා සිටියේ ද නැත.

අවසානයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සට, ආණ්ඩුවේ ඇමතිවරයකු සිය රියදුරාට බූරුවා නිග්‍රහ කිරීම වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කිරීමට සිදුවිය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *