නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සාමාන්‍ය මගියෙකු ලෙස පොදු බස් රථයක ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
තරුණයකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ මෙම ඡායාරූප පළ කරමින් සඳහන් කර ඇත්තේ, තමන් නාමල් කරුණාරත්න සමඟ කතා කරමින් සිටින අවස්ථාවේ එය දුටු බස් රථයේ කොන්දොස්තරවරයා පුදුමයෙන් ඒ පිළිබඳව විමසා සිටි බවයි.
“නියෝජ්‍ය අමාත්‍යවරයෙක්..කොළඹ කුරුණෑගල බස් එකක.. මම නාමල් මාමත් එක්ක කතා කරනවා දැකලා Conductor පුදුමෙන් වගේ අහනවා “මල්ලි මොකද ඇමතිතුමා බස් එකේ.මං කීවා ඒක තමයි අයියේ මේ අයගේ වෙනස..ඉස්සර නම් කොහොමද නේද මල්ලි කියලා conductor ගියා” ..මාරම සතුටක් දැනුනේ දුන්නු චන්දය ගැන…වචනෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නවා..
Namal Karunarathne ????❤️”
බස් රථයේ නිදා සිටින අතර අහම්බෙන් හමු වූ අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ මෙම තරුණයාගෙන් එදින අධිකරණයේ විභාග වූ ඔහුද විත්තිකරුවෙකු වූ අරගලයට සම්බන්ධ නඩුව පිළිබඳවද විමසීමටද නි. ඇමති නාමල් කරුණාරත්න අමතක නොකළේය.