නි. ඇමති අරවින්ද සෙනරත්ගේ කාර්යාලයට ප්‍රහාරයක්….!

February 17, 2026 at 10:38 am | by emanisa.lk

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ඇති ජාතික ජන බලවේගයේ දේශපාලන කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් හානි පමුණුවා ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහජන දිනය නිමිත්තෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (16) පෙරවරු 9.00 ට කාර්යාලයට පැමිණීමට නියමිතව තිබූ අතර උදෑසන කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මෙම විනාශය දැක ඇත.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *