නිළි රැජිනගේ සමු ගැනීම මහා වේදනාවක්… ඇගේ අඩුව පිරිවිය හැකි කිසිවෙක් නෑ…! – නි. ඇමති ටී.බී. සරත්….

May 25, 2025 at 7:36 pm | by emanisa.lk

අපේ රටේ බිහි වූ අග්‍රගන්‍ය නිළි රැජින මාලනි ෆොන්සේකා අපෙන් සමුගෙන මහත් වේදනාවක් යැයි නි. ඇමති ටී.බී. සරත් පවසයි.

නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඈ රංගනයෙන් ප්‍රකට කළ ප්‍රතිභාව තව බොහෝ කලකලට පිරවිය නොහැකි වනු ඇති බවයි.

වසර දහස් ගණනක් ජීවත් වූ අයෙකු මෙන් හෙළ සිනමාවට ලබා දුන් දායක්තවය අගය කරන අතර ඈ මිය යන විටත් එවැනි නිළියක් හෙළ සිනමාවට නොමැති වීම ගැන කනගාටු වන බව ද ටී.බී. සරත් ප්‍රකාශ කරයි.

නි. ඇමතිවරයා මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ සිනමා ශිල්පිනි මාලනි ෆොන්සේකාගේ දේහයට අද (25) අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *