පොලිස් කණ්ඩායමක් නිවැසියන් බිය ගන්වා මෝදර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 14මුදලක් කොල්ලකා තිබේ.
ඊට සැකපිට බ්ලූමැන්ඩල් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ සැරයන්වරයෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ උතුරු බුද්ධි අංශ සාමාජිකයකු ද මෙම පිරිස අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.