නිවසේ තෙල් ගබඩා කිරීම සපුරා තහනම්…! – තෙල් සංස්ථා සභාපති….

March 2, 2026 at 6:11 pm | by emanisa.lk

පිරවුම්හල්වලින් බූලිවලට තෙල් ලබාදීම තහනම් බවත් එසේ කළහොත් එම බලපත් අහෝසි කරන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසයි.

එසේම රටේ පවතින නීතිය අනුව බලපත්‍ර නොමැතිව ඉන්ධන විශේෂයෙන් අන්තරායකර පෙට්‍රල් නිවාසවල තබා ගැනීම තහනම් බවත් ඔහු පෙන්වා දෙයි.

යුද්ධය දිගටම පැවතුණහොත් බොරතෙල් ඇමරිකාවෙන් හෝ නයිජීරියාවෙන් ලබාගන්නා බවත් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලබාගන්නා පෙට්‍රල් ඩීසල් සඳහා එහි බලපෑමක් නොමැති බවද සභාපතිවරයා අවධාරණය කරයි.

කෙසේ වුවද යුද්ධය නිසා තෙල් මිල ඉහළ යා හැකි බවත් එය අපට පාලනය කළ නොහැකි නිසා ඊට මුහුණදීමට සූදානම් විය යුතු බවත් ඩී.ජේ රාජකරුණා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *