නිවසට පැන කතකට අතවර කරන්න ගිය ඇමති ලේකම් අල්ලා ගම්මු ගස් බඳිති…!

August 11, 2025 at 6:59 pm | by emanisa.lk

කාන්තාවක තනිව සිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී අයුතු ක්‍රියාවක් කිරීමට ගිය වත්මන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු කාන්තාවන් විසින් පහරදී ගස්බැඳ බෝගස්වැව පොලිසිය වෙත භාර දී තිබේ.

මෙලෙස කාන්තාවන්ගෙන් පහරකා ඇත්තේ වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව පොලිසිය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ වන්නි දිස්ත්‍රික් කමිටුවේ නිලධාරිවරයකු වන මෙම පුද්ගලයා වවුනියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ කාන්තාව පමණක් ජීවත්වූ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ නිවෙස් හිමි කාන්තාව නිවසේ පිටුපස දොරින් පැනගොස් කෑ ගසා අසල්වාසීන්ගේ සහාය ඉල්ලා ඇති බව කියයි.

එම අවස්ථාවේදී අසල්වාසී කාන්තාවන් හා ප්‍රදේශවාසීන් පැමිණ මෙම පුද්ගලයා අල්ලාගෙන තිබෙන අතර ඒ වනවිට ඔහු අධික ලෙස මත්පැන් ද පානය කර සිට ඇති බවට චෝදනා නැගේ. ගම්මානයේ කාන්තාවන් අදාළ පුද්ගලයාට පහරදී ලණුවලින් බැඳ බෝගස්වැව පොලිසිය වෙත භාරදී ඇති බවද ප්‍රදේශවාසීහු පැවැසූහ.

කෙසේ වෙතත් සැකකාර සම්බන්ධීකරණ ලේකම්වරයා බෝගස්වැව පොලිසිය වෙත භාර දී තිබුණ ද ජාතික ජන බලවේගයේ පිරිසක් මැදිහත්වී අදාළ පුද්ගලයා නිදහස් කර ගැනීමට කටයුතු කොට ඇතැයිද පැවසේ. කෙසේ වෙතත් පොලිසිය විසින් මෙම පැමිණිල්ල සමාදාන කර ඇත.

එෆ්.අස්ලම්
Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස