නිවට බියගුළු සජිත් එක්ක වැඩ කරන්න බෑ… සජබෙන් ඉවත්ව තනියම ජනාධිපති වෙන්න ආවේ ඒකයි…! – ෆීල්ඩ් මාර්ෂල්…

September 7, 2024 at 9:30 am | by emanisa.lk

නිවට බියගුළු නායකයින් සමඟ වැඩ කිරීමට නොහැකි බැවින් තමන් සමග ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

“සැප්තැම්බර් 21 මේ රටේ අනාගතය තීරණය කරන දවසක්. ඒක තීරණය කරන්නේ තමුන්නාන්සේලා. හැම අවුරුදු 5කට වතාවක් එහෙම තීරණයක් ගත්ත අතීතයේත් තමුන්නාන්සේලාට වැරදුණා.

පසුගිය වසර 76 ටම ලෝකේ අනිත් රටවල් ඉස්සරහට යනකොට අපේ රට පස්සට ගියා. ඒ තමුන්නාන්සේලා පත්කර ගත්ත පාලකයන්ගේ දක්ෂකම.

පාලකයෝ මැතිවරණයට ඇවිල්ලා තමුන්නාන්සේලාව රැවට්ටුවා. ඒක නිසා මම දැන් ස්වාධීන වුණා.”

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට පැවති ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *