පාතාළයේ සිටින නිවටයන්ගේ තර්ජනවලට සිය නිලධාරීන් බිය නොමැති බවත් එවැනි බිය අය පොලිසියට එකතු නොවිය යුතු බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
“සමහර මාධ්‍ය නිවට හිවලුන් වගේ මිනිස්සු ෆෝම් කරලා තියෙනවා. ගමේ භාෂාවෙන් කියනවා නම් කබ්බෝ ෆෝම් කරලා තියෙනවා. මේ වගේ උන් ෆෝම් කරල හරි යන්නේ නෑ. මත් ජාවාරම් කරලා දරු පරම්පරා ගාණක් විනාශ කළ අය උස්සන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
පොලිසියට බය පුද්ගලයෝ බැඳෙන්නේ නෑ. එහෙම අය වෙන රස්සාවක් හොයා ගන්න ඕන. මේ නිවට හිවලුන්ට බය වෙන්න බෑ. අපට ඉන්නේ නිර්භීත නිලධාරීන්.”
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් දිවයිනට රැගෙන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලට පැමිණ මාධ්‍ය අමතමින් පොලිස්පතිවරයා මේ බව කීය.