නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද ලියාපදිංචි සෑම ඡන්දදායකුටම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුවත් තම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඡන්දය සලකුණු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
මැතිවරණ වෙබ් අඩවියට පිවිස සිය ජාතික හැඳුනුම්පත් අංකය සටහන්කර සිය ඡන්ද පත්‍රිකාව බාගත කළ හැකි යැයිද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (06) දිනයේද පස්වරු 4.00ට පෙර තමන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බව ද හෙතෙම සඳහන් කරයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර්රථ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පතක් සකස්කරනතුරු ලබාදෙන ඡායාරූපය සහිත තාවකාලික ලියවිල්ල ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිය අනන්‍යතාව තහවුරු කිරීමට ප්‍රමාණවත් වන බව ද මෙම කිසිදු ලියකියවිල්ලක් නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ද භාවිත කළ හැකි බව ද ඔහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.