ඔය අර්බුද දැනගෙන තමයි අපි පාරට බැස්සෙ කියලා අරගලේ කරන දරුදැරියො සමහරක් කියනවා. උඹලා නෙමෙයි දුවේ පුතේ ගෙදර උයන පිගන් සාස්පාන් උස්සගෙනයි රටේම මිනිස්සු පාරට බැස්සෙ.
අර හිරුනිකා නැන්දා තමයි බය නැතුව ගෝටාගෙ ගෙදර ඉස්සරහට ගිහින් ගේම ඉල්ලුවෙ. එතකොට පුතේ අනුර කුමාර ඔය අරගලය සංවිධානාත්මක නෑ කියල අපි ඕවට එන්නෙ නෑ කියල හැංගෙනවා.
උඹලගෙ පොඩිකමට උඹලට පාරට බැස්සම පාරට බැස්සෙ මොකටද කියල අමතක වෙනවා. දැන් බලපං උඹල උස්සන් ඉන්න එක පෝස්ටර් එකකවත් මිනිස්සුන්ගෙ බඩගින්න ගැන තියෙනවද කියල.
අරගලේ මුලදි මිනිස්සු තමන්ගෙ අතින් කාඩ්බෝඩ් පෙට්ටි ඉරලා සටන්පාඨ ලියං ආවෙ. එක එක සටන්පාඨ. එක එක අකුරුවලින්.
ඒත් දැන් හැම පුවරුවක්ම කහපාට පැච් එකේ රතු කලු අකුරුවලින් ලියවෙන්නෙ නිකං නෙමෙයි පොඩි එකෝ. ඔය පෝස්ටර් ලියලා පුරුදු උන් නෙමෙයි ඔය අරගලය මුල හිටියෙ. උඹලාගෙ අරගලය මිනිස්සුන්ගෙන් ගොඩක් දුර ගිහින් තියෙන්නෙ. අපි හැමෝම ඔහොම ගගේ ගිහින් තියෙනවා. මේ උඹලගෙ වාරෙ.
චින්තන ධර්මදාස