නිමල් ලන්සා යනු බැසිල් රාජපක්ෂගේ ඉතා ම සමීපතමයින් බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.
මහින්ද රාජපක්ෂ පාලනයයෙන් පසු යහපාලන ආණ්ඩුව සමයේ මෛත්‍රීපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට සමීප වූ නිමල් ලන්සා අනතුරුව පොහොට්ටුවට පැමිණි බව ද ඔහු ප්‍රකාශ කරයි.
මේ වන විට රනිල් වික්‍රමසිංහට සමීපව කටයුතු කරන නිමල් ලන්සා බැසිල් රාජපක්ෂ කතා කළ සැනින් නැවත පැමිණෙනු ඇති බව ද උදයංග වීරතුංග සඳහන් කරයි.
බැසිල් විසින් නිමල් ලන්සා මේ අවස්ථාවේ පොහොට්ටුවෙන් වෙන්ව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස වෙත යන පිරිස රඳවා ගැනීම සඳහා පාවිච්චි කරන බව ද හෙතෙම කීය.