නිදහස සැමරීම මහා අපරාධයක්..! කාදිනල්තුමා එන්නේ නෑ…! – කතෝලික සභාව….

February 1, 2023 at 2:09 pm | by emanisa.lk

75 වැනි නිදහස් උත්සවය සැමරීමට එක් නොවීමට කතෝලික සභාව තීරණය කළ බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.

“විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇති රටක, 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක, ළමා මන්දපෝෂණයෙන් පෙළෙන රටක, රැකියා අහිමිවෙමින් තිබෙන රටක, ව්‍යාපාර කඩා වැටෙමින් ඇති රටක, නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති රටක, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන රටක, පැය 24ම විදුලිය සැපයීමට අසමත්වී ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද ?.. කියලා අපි ප්‍රශ්න කරනවා.

මෙය ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් සහ නාස්තියක්. නිදහස් උත්සවයට කාදිනල් හිමියන් සහභාගී වෙන්නේ නැහැ. කිසිදු කතෝලික රදගුරුතුමෙකු ද ඊට සහභාගී වෙන්නේ නැහැ.”

අද (01) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී පියතුමා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *