නිදන් වාසනා පෑදුණු කතා අසත්‍යයයි… නිදන් හාරන්න නියෝග කර නෑ…! – අත්තනගල්ල මහේස්ත්‍රාත්…

November 26, 2024 at 5:48 pm | by emanisa.lk

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ නිදන් හෑරීමට කිසිඳු නියෝගයක් නිකුත් කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පො⁣ළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කරන ලෙස අධිකරණය නියෝගයක් දුන් බවයි, මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.

ඒ අනුව අධිකරණය නිදන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවයි, මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විවෘත අධිකරණය හමුවේ අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *