පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය කොට්ඨාස නියෝජිතයන් වෙත පත්වීම් ප්රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදජස් දක්වමිනි.
රටේ ආර්ථික කඩා වැට්ටවූ,රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙන පක්ෂයක් සමඟ එකතුවීම ගැන සිතන්නට සිදුවන බව ද හිටපු ජනාධිපතිවරයා පවසයි.