නැවතත් විදුලි කප්පාදුව..! අතුරු තහනම් ඉල්ලීිම ඉවතට..!

February 3, 2023 at 6:58 pm | by emanisa.lk

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කෙරිණි.

විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ, එම ඉල්ලීම වැඩිදුර සලකා බැලීම ලබන 07 වන දා සිදු කරන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *