නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කල්ලියක්… ආණ්ඩුවටත් තොරතුරු ලැබිලා….!

March 5, 2025 at 9:31 am | by emanisa.lk

නැගෙනහිර කල්මුණේ ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (04) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගෙනහිර කල්මුණේ ප්‍රදේශයෙන් මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් බිහි වී තිබේ දැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

“නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි යම් කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විසින් තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා.

ජනාධිපතිවරයාත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා කියන එක.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *