නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, ඌව පළාත් හිටපු අමාත්‍ය සහ මුත්තුවිනායගම් සෙන්තිල් තොණ්ඩමන් පත් කිරීමට නියමිත බවට වාර්තා වෙයි.
නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ලබන 17 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කිරීමට නියමිතය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන් පත් කිරීමට සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි, ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ.