මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වී තිබේ.
එම අනතුරින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.
පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර අදාළ ඩක්කුවේ උපරිම බර සීමාව කිලෝ 500ක් බව ද වාර්තා වෙයි.
අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර මෙරට භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ රුමේනියා, රුසියා සහ ඉන්දියාන ජාතික භික්ෂූන් වහන්සේ තෙනමක් සිටින බව පොලීසිය සඳහන් කරයි.
අනතුරෙන් සෙසු භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටී.