පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සිය පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීමට සමගි ජනබලවේගයට විසින් විශේෂ කමිටුවක් පත්කොට තිබේ.
ඔහු සමග එම කමිටුව ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු පක්ෂයට බඳවා ගැනීම සම්බන්ධව අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අනාවරණය කර තිබේ.
හිටපු ඇමැතිවරයා සමගි ජනබලවේගයට එක්කර ගැනීම සම්බන්ධව තීන්දුවක් ගන්නට පත්කළ කමිටුවේ සාමාජිකයන් වන්නේ පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ය.
පාඨලී රණවක ඇතුළු ජාතික හෙළ උරුමයේ පිරිසක් පසුගිය ද එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වූයේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බවට සපථ කරමිනි.