නාමල් සටන් කළේ ලක්ෂයක වන්දියක් ගන්න… දැන් ඒක අපට දෙන්න දෙන්න ඕන…නැත්නම් ගොවි සටන අරඹනවා…! – අනුරපුර ගොවි සංවිධාන….

December 5, 2024 at 12:00 pm | by emanisa.lk

වර්ෂාව සහ ගං වතුර නිසා පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති පුංචිරාළ රත්නායක මහතා පෙන්වා දෙන්නේ අක්කරයක් වගා කිරීම සඳහා ඊට වඩා මුදල් ප්‍රමාණයක් වැය වී ඇති බවයි.

නව රජය කළ යුතුව ඇත්තේ පරණ චක්‍රලේඛ අහෝසි කර ගොවියාට රුපියල් ලක්ෂයක් ලබා දෙන වැඩපිළිවෙළ සකස් කිරීම බව ද ඔහු අවධාරණය කරයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අරගල කළේ ද වගාහානි වන්දි වැඩිකර ගැනීමට බව පවසන රත්නායක මහතා, දැන් නාමල් කරුණාරත්න මහතාට ලක්ෂයක් ලබාදීමට කටයුතු කළ හැකි බව ද කියා සිටියේය.

එහෙම නොවන්නේ නම් මෙම රජයට ද එරෙහිව තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් ඒ මහතා අනුරාධපුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *