නාමල් ජනාධිපති වෙද්දි නිල නොලත් ජනාධිපති මං….! – තිස්ස කුට්ටි ආරච්චි….

September 24, 2025 at 10:32 am | by emanisa.lk

නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසු මේ රටේ නිල නොලත් ජනාධිපතිවරයා තමන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි පවසයි.

“මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා.. ළඟම හිතවතා.

එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ..

අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”

පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *