නාමල් ජනාධිපති වුණා ම අගමැති ‘කුරුණෑගල සිංහයා’ ජොන්ස්ටන්…!

August 16, 2024 at 7:56 pm | by emanisa.lk

එළඹෙන 21 වෙනිදා නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන ආරම්භ කර සතියක් ඇතුළත රනිල් වික්‍රමසිංහ ඉක්මවා යන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අනතුරුව නාමල් රාජපක්ෂට තරඟය ඇත්තේ මෙවර ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන් ම සිටින බව කියන සජිත් ප්‍රේමදාස සමග බවයි.

කිසිදු ආර්ථික දැක්මක් නොමැති අනුර දිසානායකට රට භාර දීමට ජනතාව සූදානම් නැති බවත් ඔහු සමග තරඟයක් නාමල් රාජපක්ෂට නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

නාමල් රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුවහොත් අගමැති ධූරයට පත් කරන්නේ කුරුණෑගල සිංහයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බව ද උදයංග වීරතුංග අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *