නාමල් ඉදිරියේම හිටපු ඇමැති සී.බී.ට විරෝධය…!

October 26, 2024 at 6:47 pm | by emanisa.lk

පොදුජන පෙරමුණේ කොත්මලේ ආසන රැස්වීමේදී හිටපු අමාත්‍ය සී.බී රත්නායක මහතාට පාක්ෂිකයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා සභාව ඇමතීමට යාමේදී පාක්ෂිකයන්ගෙන් ඔහුට විරෝධය එල්ල වූ අතර නාමල් රාජපක්ෂ තත්ත්වය පාලනය කළේය.

සී.බී. රත්නායක පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහය පළකිරීමට තීන්දු කළ ද අවසානයේ එම තීන්දුව වෙනස් කරමින් පොහොට්ටුවේ නතර විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *