නාමල්ගේ මීටිංවලට සෙනග අදින්නේ Man Powerවලින්…! – ප්‍රසන්න රණතුංග…

October 26, 2025 at 3:35 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂ වටා සිටින පිරිසට උවමනා ඉක්මනින් බලයට පැමිණ සිය පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගැනීමට බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

නාමල් රාජපක්ෂ පැමිණෙන ජනහමුවල ජනතාව නඟන ජයඝෝෂා කෘත්‍රීම බවත් පොහොට්ටුවේ බල මණ්ඩල සඳහා ජනතාව කැඳවන්නේ මෑන් පවර්වලින් සමාගම්වලින් මුදලට බවත් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ දැන් මේ රටේ ජනතාව බුද්ධිමත් බවත් එවැනි කටයුතු සඳහා අනාගතයේ ඉඩක් නොලැබෙන බවත් ය.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව පවසා ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *