නටාෂාගේ නාඩගම ජාතික ආරක්ෂාවට තර්ජනයක්…! – වජිර…

May 28, 2023 at 6:58 pm | by emanisa.lk

ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ජාතිවාදය ආගම්වාදය පැතිරවීමේ ක්‍රියා සක්‍රීය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිසේත් ඉඩ නොදෙන බව ද ඔහු අවධාරණය කළේය.

කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැටුණු රට ගොඩනැගීම ජනාධිපතිවරයා රට බාර ගැනීමේ මූලික අරමුණ බව ද වජිර අබේවර්ධන කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *