පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ කුමන්ත්‍රණය මෙහෙය වූයේ යැයි කියන සහකාර පොලිස් අධිකාරි සංජීව මහතාට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළ අධිකරණය මගින් තහනම් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (18) මෙලෙස මාස තුනක් සඳහා තහනම් කර ඇත්තේ සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ඇතුළු වාහන තුනක් හා අක්කර 05ක පමණ ඉඩම් දෙකකි.
ඔහුගේ බිරිය සන්තකයේ තිබූ බව කියන BMW මෝටර් රථය අවුරා ලංකා සමාගමේ හිමිකරු විරංජිත් තාඹුගලගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
සංජීව මහානාම මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එකී තහනම් නියෝගය නිකුත් කළේ ය.