නව වැනි ගල් අඟුරු නැවත් බාලයි… නොරෙච්චෝලේ විදුලි ජනනයත් අඩුවෙලා…!

February 23, 2026 at 7:48 pm | by emanisa.lk

රටට ගෙන ආ 9 වැනි ගල් අඟුරු නෞකාවද ප්‍රමිතියෙන් තොර බව දත්ත මගින් තහවුරු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ වන විට නොරෙච්චෝලේ පලවෙනි සහ තෙවන ජනක යන්ත්‍ර මගින් මෙ.වො. 300ක් නිපදවිය යුතු වුවද නිපදවන්නේ මෙ.වො. 250ක් සහ 265ක් පමණක් බවද දෙවන ජනක යන්ත්‍ර යේ මෙ.වො. 300 නිපදවන බවද ඔහු පෙන්වා දෙයි.

දෙවන ජනක යන්ත්‍රයේ භාවිත කරන්නේ කලින් ටෙන්ඩරය යටතේ ගෙන ආ රුසියානු ගල් අඟුරු වන අතර පළමු සහ තෙවන ජනක යන්ත්‍රවල භාවිත කරන්නේ දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ බාල ගල් අඟුරු බවත් විපක්ෂ නායකවරයා අනාවරණය කරයි.

ආණ්ඩුව ගල් අඟුරු නැව් 25-27ක් පමණ දකුණු අප්‍රිකාවෙන් ඇනවුම් කර ඇති අතර මෙතෙක් බෑ සියලුම ගල් අඟුරු ප්‍රමිතියෙන් අඩු බාල ගල් අඟුරු බවට සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය ගණනය කර ඇති ආකාරයට මුල් ගල් අඟුරු නෞකා අට ප්‍රමිතියෙන් තොර වීම නිසා සිදුව ඇති ඍජු පාඩුව රු. මිලියන 7672.1කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *