දකුණු පළාතේ හිටපු මහ ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමග එක්විය.
ඔහු අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගය හා එක්ව ඇත.
සජිත් ප්‍රේමදාස විසින් ශාන් විජයලාල් ද සිල්වා අද සිට අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත් කර තිබේ.
පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.