09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ රට ගොඩනැඟීම සඳහා සියලු පාර්ශ්වවල සහයෝගය අවශ්‍ය අතර තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ පාර්ශ්ව දිනාගැනීමට ද කටයුතු කරන බවයි.